Install TWRP Recovery on unroot Sony Xperia Z3



Sony Xperia Z3 (D6653) එකට Recovery install කරන විදිහ අද අපි බලමු. 

ඇත්තටම දැනට Sony Xperia Z3 (D6653) එකට 7.0 developer preview firmware එක දැනට ආවත් දැනට official ඇවිත් තිබෙන්නේ 6.0.1 firmware එක. හැබැයි තවමත් මෙම 6.0.1 firmware එක root කරන එකනම් හරිම අමාරු වැඩක්.  හැබැයි root නොකර recovery install කරගත්හ කියන්නේ root කරා වගේම තමා. මොකද recovery mode එක හරහා අපිට super user app එකක් flash කරගෙන Super User privilege ලබාගන්න පුළුවන්.

Recovery install කරන්න ඉසේල්ලම කරන්න තියෙන්නේ අපේ Sony Xperia Phone එකේ bootloader unlock කරගන්න එකයි, මෙන්න මෙතනින් ගිහිල්ලා ඒක කරන විදිහ මගේ කලින් post වලින් බලාගන්න පුළුවන්.

දැන් තියෙන්නේ Sony Xperia Phone එකට හරියනම recovery image file එක හොයාගන්න එක.අපි දැන් බලමු කොහොමද එක කරන්නේ කියල.  

මුලින්ම build number එක සහ Model Number හොයාගන්න ඕනි.

Settings >About phone



මගේ device එකේ model number එක D6653 සහ build number  එක 23.5.A.1.291 , දැන් කරන්න තියෙන්නේ model number හා build number එකට ගැලපෙනම recovery image එක google search කරලා download කරගන්න එක. අපිට අවශ්‍ය recovery model එකක් download කරගන්න පුලුවන්. ඒ කියන්නේ

 CWM-Clock Work Mod


හෝ

TWRP-Team Win Recovery Project



පහලින් තියන link එකෙන් image file එක සහ අනිත් අවශ්‍ය දේවල් download කර ගන්න.


  1.       Recovery .img
  2.       Android Tool.rar
  3.       flash tool drivers .exe


අපි මේක කරන්නෙ Windows Command prompt එකේ . හැබැයි ඊට කලින් අපි flash tool drivers .exe එකෙන්  fast boot drivers install කරගන්න ඕනි. ඒක කරන විදිහ මෙන්න මෙතනින් ගිහිල්ල මගේ කලින් post වලින් බලන්න පුළුවන්.
Fast boot drivers හරියට install කරාට පස්සේ , අපි cheack කරල බලන්න ඕනි phone එක fastboot විදිහට computer එකට ගන්නවද කියල. ඒකට  phone ඒක off කරල Volume up එක press කරගෙනම USB එක හරහා computer එකට plug කරන්න ඕනි. එතකොට computer ඒක detect කරගන්නවා. phone එකේ indicate led ඒක blue (නිල්) පාට වෙනවා.



ඊට පස්සේ අපි අර Android Tool කියන zip file එකේ ඇතුලේ තියන files ටික Computer එකේ C drive ඒක ඇතුලේ අලුතින් folder එකක් හදල ඒකට ඇතුලට copy කර ගන්න.

ඒ folder එකටම recovery image file එකත් copy කරගන්න.

දැන් ඒ හදපු folder එක ඇතුලට ගිහිල්ල Command prompt ඒක open කරන්න. එතකොට ඒ folder location එකට අදාලව Command prompt එක open වෙනවා.



ඉස්සෙල්ලම phone එක fastboot විදිහට computer එකට connect කරන්න. ඊට පස්සේ යට තියන command එක ගහන්න,
fastboot devices



ඊට පස්සේ,
fastboot flash boot (මෙතනට recovery image file එක තියන folder location path එක හා recovery image file එකේ නම සහ recovery image file type එක) ඊට පස්සේ enter key press කරන්න



උදාහරණයක් විදිහට ඉහත තියන screenshot එකට අනුව ,





Install Finished උනාට පස්සේ phone ඒක usb එකෙන් ගලවල on කරන්න.



on වෙනකොට indicate led එක රෝස පාට(pink) වෙනවා, එතකොටම phone එකේ volume down button එක press කරන්න. දැන් recovery mode එක on වෙනවා.  




Comments