SONY Smartphone වලට Firmware එක අපිම Flash කරගමු.


Sony phone වලට firmware install කරගන්න ක්‍රම දෙකක් තියනවා.

1. Sony PC Companion.
2. Flash tool. 

 Sony PC Companion
එකෙන් තමා සාමාන්‍ය දැනුමකින් අපිට තමන්ගේ Sony smartphone එකට firmware install කර ගන්න ක්‍රමය. මෙම ක්‍රමයට අනිවාර්යෙන්ම internet connection එකක් තියෙන්න ඕනි. අඩුම තරමේ Data package එක 2GB-3GB වත් තියෙන්න ඕනි. මේකෙන් වෙන්නේ ඔයාලගේ phone එක debugging mode එක හරහා computer එකට connect  කරපුවාම Sony PC Companion එක හරහා online ඔයාලගේ smartphone එකේ model එකට අදාල latest විශ්වාසී firmware එක ඔයාලගේ phone එකට install වීමයි. විදිහට install වෙන firmware එක sony සමාගමෙන් නිකුත් කරන නිසා එය ඉතාමත්ම විශ්වාසදායි එකක්.
ඒ උනාට මෙම ක්‍රමය මඟින්,

Boot loop වෙන Sony smartphone වලට firmware install කරන්න බෑ.

Sony PC Companion එකෙන් firmware install කරන කොට internet use වන නිසා තමාගේ internet connection එකේ speed එක මත firmware install වෙන වේගය තීරණය වෙනවා.

මේ ක්‍රමයට firmware install කරනකොට භාවිතා කරන්නේ Desktop computer එකක් නම් UPS එකක් තියෙන්න ඕනි නැත්නම් electricity නැති උනොතින්  අපරාදේ data. ඒකනිසා මේකට හොඳම ක්‍රමය තමා laptop එකකින් කරන එක.

Flash tool
එක නම් Sony PC Companion වගේ නෑ. මේකට ඕනි වෙන්නේ flash tool software එකයි කලින් download කරගත්ත firmware file එකයි. firmware එක downolad කරගන්නේ කොහොමද කියල මං කලින් post එකෙකින් කිව්වනේ.


හරි අපි බලමු කොහොමද flash tool එක install කරන්නේ කොහොමද කියල.



ඊලඟට අපි බලමු කොහොමද flash tool එකේ drivers install  කරන්නෙ කොහොමද කියල. Flash tool එකේ drivers install කරේ නැත්තං ඔයාලගෙ phone එක computer එකට ගන්නෙ නැතුව යනව.




මේකෙ තියන ඔක්කෝම tick කරන්න





ඔන්න හරි දැං flash tool එක install කරල ඉවරයි.
ඊලඟට බලමු කොහොමද phone එකට firmware එක flash කරගන්නෙ කියල.

දැන් ඔයාල phone එකේ internal storage එකේ තියන ඔබට අත්‍යවශ්‍ය  සියලුම දේවල් backup එකක් ඔයාලගේ computer එකට හරි SD card එකට දා ගන්න. මොකද flashtool එකෙන් firmware flash කරනකොට internal storage එක format වෙනවා.  
ඔයාල ඉසේල්ලම පාර flashtool එක open කරාම මෙහෙම User home selector එකක් එයි.  එකට ඔයාල කැමති තැනක folder එකක් හදල  User home selector  එක හැටියට දෙන්න.  එතොකොට flashtool එකෙන් ඒ folder එක ඇතුලේ යට තියන picture එක විදිහට folders හතරක් විතර හදාගන්නවා.
ඒ folder හතරේ එකක් තියනවා firmware කියල folder එකක් එකේ ඇතුලට අපි අපේ phone එකේ firmware file එක දාන්න ඕනි.


දැන්  flashmode එක select කරලා ok කරන්න. එතකොට පහල picture විදිහට එයි.
දැං flash කරන්න.


ටික වෙලාවක් මේ උඩ Picture එක විදිහට ටික වෙලාවක් තිබිල යට තියන picture එක විදිහට එයි.   

ඔන්න මෙතනට ආව කියන්නේ කියන්නේ ගොඩ. මෙහෙම ආපුවම ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ phone එක flash mode එකෙන් computer එකට plug කරන එක. ඒක කරන්න කලින් data cable එක computer එකේ usb port එකකට plug කරගෙන ඉන්න. දැන් phone එක power off  කරන්න, ඔයාලට පේන window එකේ animate වෙන විදිහට phone එකට data cable එක plug කරන්න. (2012 ට පස්සේ ආපු sony phones හා sony xperia ray එක connect කරන්න ඕනි VOLUME DOWN key එක ඔබගෙන ම data cable එක phone එකට plug කරනන ඊට පස්සසේ VOLUME DOWN key එක  release කරන්න, හරියට phone එක connect උනානම් තිබුන window එක නැතිවෙලා firmware එක flash වෙන්න පටන් ගන්නවා.
ඊට පස්සේ උඩ තියන screen shot එකේ තියන කොළ පාට තීරුව ඔහොම fill වෙලා complete උනාම නැතිවෙලා යනවා. ඊට පස්සේ phone එක computer එකෙන් unplug කරලා on කරන්න.             

Comments