ඔයාලගේ Sony smartphone එක Root කර ගමු.





අද අපි බලමු කොහොමද ඔයාලගේ Sony smartphone ලේසියෙන්ම root කරගන්නේ කියල. ඇත්තටම දැන් වෙනකොට ඕනිම smartphone එකක් root කරගන්න පුළුවන් වෙන විදිහට නොයෙකුත් software සහ android apps හදල තියනව. මාත් ගොඩක් rooting softwares, apps use කරලා තියනව. දැන් ඔයාල දන්නවනේ flash tool කියන software එක, ඉස්සරනම් flash tool එකෙනුත් root කරගන්න පුළුවන් උනා, ඒත් දැන් වෙනකුට flash tool එකටත් root කරගන්න බැරි තත්වයක් තියෙන්නේ, මොකද sony phone වල firmware එකේ kernel එක ඉක්මනට developed උනා. හැබැයි පස්සේ ආවා rooting software ඊට පස්සේ තමා rooting apps අවේ. rooting apps දැන් වෙනකොට ගොඩක් දියුණු වෙලා තියනව. මොකද ඒ apps හදන කට්ටිය අලුතෙන් එන Android OS root කරන්නත් පුළුවන් විදිහට apps වැඩිදියුණු කරා. Sony smartphone එකක් ගත්තනම් root  කිරීම අතවශ්‍ය දෙයක් වෙනවා. මොකද sony phone වලට සිංහල වැඩ කරන්නේ නෑ. root කරේ නැත්තං සිංහලත් නෑ තමා. හැබැයි marshmallow update එකට සිංහල වැඩලු.
දැන් sony company එක marshmallow update එක දෙනවා කියන්නේ  Xperia Z5, Xperia Z5 Compact, Xperia Z5 Premium, Xperia Z4 Tablet, Xperia Z3+, Xperia Z3, Xperia Z3 Compact, Xperia Z3 Tablet Compact, Xperia Z2, Xperia Z2 Tablet, Xperia M5, Xperia C5 Ultra, Xperia M4 Aqua and Xperia C4*. කියන device වලට තමා, හැබැයි සමහරවිට එයාල Xperia Z1, Xperia Z1 Compact එකටත් දෙනවලු.  හැබැයි දැනට තියෙන්නේ Lollipop 5.1.1 තමා.  හැබැයි root කරන්න ටිකක් අමාරුයි. හැබැයි Lollipop 5.0.2 root කරන්න පුළුවන්.  ඉතිං Lollipop වලින් පහල තියන ඕනෙම version එකක් root කරගන්න පුළුවන්.
Kingroot.
Kingo Android Root.
Vroot
Baidu Root
Super One Click
Towel Root(App)
මේ වගේ තව apps, softwares ගොඩක් තියනවා, හැබැයි ඉතිං සමහර ඒවා නං අපි හිතන විදිහට වැඩකරන්නේ නෑ. මේ rooting apps ,softwares භාවිතය ගොඩක් පහසු වෙන්න ඒවා හදන අයම tutorials දානවා ඒවා බලාගෙන ලේසියෙන්ම root කරගන්නට පුළුවන්.


Comments

Popular Posts