How to Unlock Bootloader of Sony Xperia Devices?


Sony Phone වල Bootloader Unlock කරමු.

Bootloader Unlock කරන්න අවශ්‍ය වෙන්නේ ඇයි?

ප්‍රධාන දේ තමා custom Rom එකක් අපේ Sony Phone එකට දාන්න අවශ්‍ය උනාම. තවත් දේවල් වලට යොදාගන්නවා.

කොහොමද බලන්නේ Bootloader එක Unlock කරන්න පුලුවන්ද  කියල........

ඉස්සෙලාම phone එකේ dialler එකට ගිහිල්ල මෙන්න මේ code ඒක ගහන්න.

*#*#7378423#*#*

දැන් අපිට service menu එකට ඇතුල් වෙන්න ලැබෙනවා, ඊළඟට

Service info > Configuration > Rooting Status.

Bootloader unlock allowed කියන ඒක  Yes, නම් අපිට Bootloader ඒක unlock කරන්න පුළුවන්.හැබැයි ඒක  No හරි  status එක නැතිනම් හරි අපිට ඒ device එකේ bootloader එක unlock කරන්න බෑ. 



මේ උඩ තියන link එකට ගියාම , ඒ page එකේ යටම තියනව අපේ Sony device ඒක තෝරන්න. ඊට පස්සේ continue කියන button ඒක click කරන්න.





ඊළඟට පහල තියන web page ඒක එනවා. එතනට අපේ වැඩකරන email address එක දෙන්න ඕනි.









දැන් අපිට email එකක් එවල තියනව sony site එකෙන්.


දැන් click here to proceed කියන link ඒක click කරන්න.
එතකොට පහල තියෙනවා වගේ page එකකට යනවා. එතනට අපි අපේ Sony phone එකේ IMEI ඒක දීලා submit button ඒක click කරන්න.



දැන් අපිට Sony ලා දෙනවා  numbers, letters තියන unlock code එකක්, ඒ unlock code එක අපේ IMEI එකට විතරමයි හම්බවෙන්නේ, හැබැයි මේ key එක generate කරගන්න පුළුවන් එකපාරක් විතරයි. ඒක නිසා එ key එක හම්බවුනාම ඉසේල්ලම කරන්න තියෙන්නේ ඒක හරියම බලල කොලයක ලියාගන්න එක. හැබැයි ඊට වැඩිය ලේසියි screenshot එකක් දාගන්න එක.



key එකට යටින් තියනව කොහොමද bootloader Unlock කරන පියවරයන් ටික.

දැන් අපි bootloader Unlock කරමු.

(පළවෙනියටම කියන්න ඕනි bootloader Unlock කරනකොට phone ඒක restore වෙනවා. ඒක නිසා අනිවාර්යෙන්ම අවශ්‍ය data backup කරන්න ඕනි.)

මේක කරන්න අපිට පොඩි දේවල් ටිකක් අවශ්‍ය වෙනවා.



අපි මේක කරන්නෙ Windows Command prompt එකේ . හැබැයි ඊට කලින් අපි flash tool drivers .exe එකෙන්  fast boot drivers install කරගන්න ඕනි. ඒක කරන විදිහ මෙන්න මෙතනින් ගිහිල්ල මගේ කලින් post වලින් බලන්න පුළුවන්.
Fast boot drivers හරියට install කරාට පස්සේ , අපි check කරල බලන්න ඕනි phone එක fastboot විදිහට computer එකට ගන්නවද කියල. ඒකට  phone ඒක off කරල Volume up එක press කරගෙනම USB එක හරහා computer එකට plug කරන්න ඕනි. එතකොට computer ඒක detect කරගන්නවා. phone එකේ indicate led ඒක blue (නිල්) පාට වෙනවා.

ඊට පස්සේ අපි අර Android Tool කියන zip file එකේ ඇතුලේ තියන files ටික Computer එකේ C drive ඒක ඇතුලේ අලුතින් folder එකක් හදල ඒකට ඇතුලට copy කර ගන්න.
දැන් ඒ හදපු folder එක ඇතුලට ගිහිල්ල Command prompt ඒක open කරන්න. එතකොට ඒ folder location එකට අදාලව Command prompt එක open වෙනවා.



ඉස්සෙල්ලම phone එක fastboot විදිහට computer එකට connect කරන්න. යට තියන command එක ගහන්න, (මේකෙන් වෙන්නේ අපේ phone එක fastboot එකට අරන් තියනවද කියල check කරලා බලන එක)

fastboot devices

ඊළඟට
fastboot ­i 0x0fce oem unlock 0x(මෙතන ගන්න ඕනි අර අපි කලින් ගත්ත unlock code එක)



මතක තියාගන්න ඒ code ඒක හරියටම ගහන්න, උදාහරණයක් විදිහට මගේ unlock code එක 9AEC81804BE7D1E6 නම් .

fastboot ­i 0x0fce oem unlock 0x9AEC81804BE7D1E6

උඩ තියන විදිහට තමා type කරන්න ඕන.

ඊට පස්සේ පහල විදිහට තියන විදිහට ඒක finished වෙයි. 



දැන් phone ඒක usb එකෙන් ගලවල on කරන්න.


ටිකක් ඉවසල ඉන්න ඕනි, මොකද මේ step එකේදී phone එක restore වෙලා තමා on වෙන්නේ.

මම sony xperia Z3 (D6653) එකක තමා bootloader Unlock කරේ. මේ එක ක්‍රමයක් විතරයි, තව ක්‍රම ගොඩක් තියනව. 


Comments